OSI Layers

OSI  (Open System Interconnect)Layers


                  තොරතුරු හුවමාරු පද්ධතියක එම තොරතුරු ගලායන අකාරය එක් එක් කොටස් වලට බෙදා තිබීමක් තමයි අපිට OSI layers එකකින් දකින්න පුළුවන්.ඒ කියන්නේ Network එකක නම් එක computer එකකින් තවත් computer එකකට data යැවීමේදී එම  dataයවන computer එකේ ඉදල එම data අනෙක් computer එක ලබාගෙන user ට monitor එක හරහා එක data display කරීම දක්වා වෙන ක්‍රියාවලිය විවිධ  layers කිහිපයකට බෙදා තිබීමක් තමයි OSI layers වලින් පෙන්නන්නෙ.OSI layers වල තියෙන ප්‍රධාන වැදගත් කම් තමයි 
  • මේක පෙන්නල දෙනව කොහොමද data හුවමාරු කරගන්නෙ එක system එකක ඉදල තවත් system එකකට.
  • communication system එකේ ඉන්න vendors(Communication උපකරණ හදන අය, System developers ල ඔන්න ඔය වගේ කස්ටිය) ලට පිළිගත්තු ක්‍රමවේදයකට (standardize) අනුව එම කටයුතු කරගෙන යාමේ හැකියාව ලබාදෙනව. ඒ අනුව වෙනස් වෙනස්  vendors ලගෙ Software හා hardware සමග data communication කරන්න පුළුවන් වෙනව.
OSI layers 7 upper layer හා lower layer කියලත් කොටස් 2කකට බෙදෙනව.ඒ වගේම OSI layers අපිට TCP/IP Layers කියල වෙනමම බෙදල දක්වන්නත් පළුවන්.

Transport layer එක Upper හා Lower යන layer දෙකටම අයත් වේ.  




ඔය උඩ තියෙන OSI layers ටික පහත විදියට TCP/IP Layers කියලත් බෙදන්න පුළුවන්.TCP/IP Layers එකේ තියෙන්නෙ Layers හතරයි.



උඩ තියෙන Layers දාල තියන විදිය දැක්කම පොඩ්ඩක් හරි මොලේ තියෙන එකෙකුට තේරෙනව මේ post දාන එකාට පොඩ්ඩක් loose කියල. ඒ කිව්වෙ මම උඩ Layers අංක කරල තියෙන්නෙ අනිත් අතට හින්දයි.මම එහෙම අංක කලේ data encapsulation හා decapsulation(මේව මොනවද කියල පස්සෙ බලමුකෝ) වලදි මෙහෙම ලියපු එක ටිකක් වැදගත් වෙන හින්ද.දැන් අපි බලමු මේ එක එක Layers communication system එකකදි කොහොමද හැසිරෙන්නෙ කියල.

No comments:

Post a Comment

Pages